යොවුන් ආදරය


මුලින්ම අපි ගීතයක් රස විඳිමු.
ගායනය    :-නන්දා මාලිනී
පද මාලාව :-සුනිල් ආරියරත්න
සංගීතය    :-ඩි.ආර්. පීරිස්

යොවුන් වසන්තයේ
දුහුල් වලාකුළේ
රෑන් මුදා ගෙන පාවී යනු මැන ඉගිල්ලිලා

දිලිසෙන කඳුලේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනි වී
ගංගාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනාසිසී

හසරැළි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ
තරු අහුරක් සේ රෑ ඇවිලෙනු මැන
අහස් ගඟේ දියඹ දිගේ

අද ඔබට නිතර ඇසෙන ගීත වලින් එකක් නෙවෙයි නේද? හොදින් අසා රසවින්දොත් ඔබටත් යොවුන් ආදරය ගැන මිහිරි හැඟීමක් විඳින්න පුළුවන්.ඔබට නිතර ඇසෙන ගීතවල මෙන් මෙහිදී කිසි කෙනෙකුගේ භාව ප්‍ර කෝප කිරීමක් සිදු නොවේ.සතුට, සැනසුම මෙන්ම ජිවන මිහිරක උද්දමයත් ඇති කරවනවා.යොවුන් ආදරය ගැන සොඳුරු කවි සංකල්පනා ගීතය තුල පැහැදිලිව ඇතුලත් වෙනවා. වචන ගලපා තිබෙන්නේ මනසෙහි චමත්කාරයක් ඇතිවන ලෙසට. ස්වභාදහම පසුබිම් කරගත් කවි සංකල්පනා වලින් ගීතය අලංකාර වෙලා.ස්වාභාදහමට අභිමත යථාර්තයක් වෙන යොවුන් ආදරය මෙම ගීතයේ ගායනය හා තනුව නිසා තවත් තී ව්‍ර  ලෙස දක්වා තිබෙනවා.

නව යොවුන් විය හරියට සරුංගලයක් වගේ.අහසේ නිදහසේ සරනමුත් අපේ අතින් නූල ගිලිහී ගියහොත් සරුංගලය විනාශ වෙන්න පුලුවන්. අහසේ යවන සරුංගලයේ නියම සතුට අපිට විදින්න පුළුවන් අපි නූල අතේ තියන් ඒක පාලනය කලොත් විතරයි. අපේ ජීවිතෙත් අන්න ඒ වගේ.  නිදහසේ ගල ගියොත් සිදුවන අනතුරු භයානකයි. ඒ නිදහසත් එක්කම වගක්මකුත් අවශ්‍යයි.අපේ ජිවිත ගමන අරගෙන යද්දී වගකීමෙන් කටයුතු කිරීම පවරෙන්නෙත් නවයොවුන් අපටමයි. එසේ වුවත් නවයොවුන් වියේදී වගකීම් ගැන සිත යොමු විම හරිම අඩුයි.


යොවුන් ආදරය යොවුන් ආදරය Reviewed by Unknown on 4/16/2016 11:53:00 PM Rating: 5

No comments:

What Do You Think? write something here.

Powered by Blogger.