ආදරය සුන්දරයිලු


ආදරය සුන්දරයිලු

අහල තියෙනවා මං

යන්න හිතෙනවා අනන්තයට ම

පවුරෙන් එහා ලෝකය දකින්න

ආදරය කියන්නේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන අපි හැමෝට ම අයිති දෙයක්‌. ඒකට මිනිසුන් තිරිසනුන් කියලා වෙනසක්‌ නැහැ. මං හිතන්නේ ලොව උතුම්ම ආදරය අම්මගේ ආදරය කියලා. ඒක හින්ද වෙන්න ඇති ලේකිරිවලට හරවලා අපිට දුන්නේ.

තරුණයෙක්‌ තරුණියකට හෝ තරුණියක්‌ තරුණයෙකුට ආදරය කරනවා කියන්නේ පුදුම විය යුතු දෙයක්‌ නොවේ. නමුත් අද බොහෝ දෙනෙක්‌ ආදරය කියන වචනයේ අර්ථයවත් දන්නේ නැහැ.

අද ආදරය රාගයට ඉඩදීලා හැඟීම්වලට වහල් වෙලා එදා අනවශ්‍ය බැඳීම හරහා සවිමත් වූ ආදරය තුළට අද ජංගම දුරකතනය පැමිණීමත් සමඟම අද ආදරය මොබයිල් කලාවක්‌ වෙලා.

මේ ආදරය තුළට ජංගම දුරකතනය පැමිණීමත් සමඟම විනාශ වුනේ අපේ මල් කැකුළු වන් දරු පරපුරයි. අද පාසල් පෙම්වතුන් අතර මෙය විලාසිතාවක්‌ වෙලා.

ඔබ ඔබේ පෙම්වතාගේ ජංගම දුරකථනය හරහා මුලු ලෝකයාට ම ප්‍රදර්ශනය වන බව නුඹේ සිත දන්නේ නැතිව ඇති. උඹ ඒක තේරුම් ගන්න කොට පරක්‌කු වැඩි වුණොත්

තාරුණ්‍යයට ආදරය අයිතියි. අද අඳුනගෙන හෙට තානායම් පලකට යනවා කියන්නේ නියම ආදරය නොවේ. ඒක ලිංගික පිපාසයෙන් පෙළෙන රාගය.

විශේෂයෙන් මේ සටහන වැදගත් වන්නේ පාසල් ආදරවන්තයන්ට. ඔබේ දෙමාපියන් දිවා රෑ මහන්සිවෙලා ඔබට උගන්වන්න පාසල් අධ්‍යාපනයට අමතරව පෞද්ගලික උපකාරක පංතිවලටද යවන්නේ අනිත් ළමයි අතර ඔබ තරගයක්‌ දිය යුතු නිසා.

විවෘත ආර්ථිකය තුළ මුදලට ඕනෑම දෙයක්‌ විකිණෙන සමාජ රටාව තුළ ටියුෂන් අත ඇරලා ලැගුම් හල් තුළ ඔබ සොයන ආදරය නොමැති බව නම් වටහා ගන්න.

ඔබ ලෝකයා ඉදිරියේ අසරණ වූ දාට ඔබේ සියලු දේ පුදපු ආදර වන්තයාවත් නැති බව දැනගන්න. එදාටත් ඔබ ළඟින් ඉන්නේ නුඹේ අම්මයි, තාත්තයි විතරයි.

ආදරයට වඩා කාමය මිශ්‍රණය වූ රාගික සමාජ තලය තුළ නංගියේ නුඹ, නුඹේ සුදු ගවුමේ බඳ පටියෙන් මිදෙන්න එපා. සමාජය බලන්ඉන්නේ නුඹට වරදිනකන්.

මල් පොහොට්‌ටුවට පිපෙන්නට ඉඩදෙන්න. එවිට නුඹේ ජීවිතය තුළ සුවඳ හමාවී
ආදරය කියන්නෙ මොකක්ද කියල හුගක් අය දන්නව.ඒක නොදන්න අයත් නෑතුව් නෙවෙයි.මේ ආදරය මහ පුදුම දෙයක් අපේ ජීවිත වෙනස් කරන්න පුලුවන්. අපේ ජීවිත සතුටු කරන්න දුකට පත් කරන්න අඩවන්න හිනස්සවන්න ඒ විතරක් ද, වෛරය මිනීමෑරුම් සොරකම් හටගන්නත් මේ ආදරය මුල් වෙන්න පුලුවන් .
මුලින්ම අපි අම්මගේ ආදරය තමයි විදින්නේ. කොතරම් ආදරයක් අපේ අම්මල අපිට දක්වනවද? ඒත් මවු සෙනෙහස අහිමි වු අයත් එමටයි, අම්මගෙන් ඉගෙන ගන්න ඒ ආදරය පුදුම දෙයක්. මොහොතක් හිතන්න අම්මල අපිව කොතරම් ආදරෙන් බලා ගන්නවද උස් මහත් කරනවද? කියල . ඒත් අපි සමහරු ඒ මවු සෙනහස වෙලාවකට එපා කරනව නේද? අපිට කුඩා කාලයේදි ආදරය කියන දේ දකින්න ලෑබුනෙ නෑත්නම් අපි අදටත් ආදරය කියන දේ දන් නෑ. මොහොතක් බලන්න සමහරු ආදරය කියල හිතන දේ, එයලට නියම ආදරය අත් දකින්න ලෑබිල නෑතුව ඈති. ආදරය ඉවසිලිවන්තයි, කරුනාවන්තයි ඒක පිරිනමන දෙයක් මිසක් ගන්න දෙයක් නෙවෙයි. අද ලෝකය දකිනකොට දුකත් හිතෙනව. ඈයි අපි මේ අදරය කියන දේ වෑරදිවට තෙරුම් ගන්නෙ, ආදරය වේදනාවක් කියන කතාවත් ඈත්ත, අන්ධයි කියන එකත් ඈත්ත, විකාරයක් වගේ කියන එකත් ඈත්ත . මේ හෑම දේම අපි හොදට බෑලුවොත් තේරෙයි. ඈස් ඈරල බලන්න. හෑම පෑත්තෙන්ම හිතල බලන්න.
අපිව රිද්දන කෙනාට අපිත් රිද්දනවනම් අපේ ආදරය බොරුවක් . එයාට රිද්දන්න යන්න එපා. ආදරය කරනව කියන්නේ එයාගෙ සතුට ඔයාගෙත් සතුට කියන එකයි. ඒත් කවුද මේක හරියට තේරුම් ගන්නෙ. තේරුම් ගන්නෙ ටික දෙනයි නේද? . තව ගොඩක් කියන්න තියෙනව ඒත් මේක දිග වෑඩි උනාම කියවන ඔයාලටත් එපා වෙයි. දෑනට නවතින්නම්.

download


ආදරය සුන්දරයිලු ආදරය සුන්දරයිලු Reviewed by kasun on 6/24/2014 04:32:00 PM Rating: 5

No comments:

What Do You Think? write something here.

Powered by Blogger.