think a minute

මාර්ග බාධකයක් අසල විකල්ප මාර්ගයක් ඇති ආකාරයටම සියලු අසාර්ථක විම් කෙළවර සාර්ථකත්වය කර දිවෙන මාවතක් ඇත .
යම් දෙයක් සම්පුර්ණ වෙන තුරු හෝ අවදානමක් නැති වෙන තුරු හෝ පැහැදිලි උපදෙසක් ලැබෙන තුරු හෝ බලා සිටියොත් පමා වන්නේ ඔබෙ ගමන බව සිතන්න
නිසි වෙලාවට නිසි තැන සිටිමින් මනසත් ශරීරයත් මෙහෙයවමින් කටයුතු කිරීම තුලින් සාර්ථකත්වයේ දොරටු ඉක්මනින්ම විවර වනු ඇත .
කෙටි කාලින අසාර්ථක වීම හා අසමත් වීම් තුලින් ඔබ ලබන අත්දැකීම දිගු කාලින සාර්ථකත්වයට අවශ්‍ය ජවය ලබා දෙන බව සිතන්න .
අසාර්ථක වීමට ඔබෙ සිතේ ඇති බිය ඉවත් කර ගන්න .ඒ නිසා සිත තැවුල් ඇති කර ගැනීමෙන වලකින්න .එවිට ඔබෙ ගමන වේගවත් වනු ඇත .
පසු ගිය කාලයේ ඔබෙන් සිදු වූ අඩු පාඩු හා අත්වැරදීම් ගැන සුබ වාදීව සිතන්න.ඉන් ලැබූ අද්දැකීම් හෙට දවසේ සාර්ථකත්වය වෙනුවෙන් යොදා ගන්න .
ඉලක්ක හා අරමුණු වෙනුවෙන් ඔබෙ මනස මෙන්ම සිරුරත් සැම විටම ක්‍රියාත්මක කරන්න .හිසත් අතත් එක වූ විට ඔබ සුවිශේෂී අයෙකු බවට පත්වේ .
මුහුද දෙස බලා සිටීමෙන් පමණක් මුහුදෙන් එතෙර විය නොහැකි සේම සාර්ථකත්වය ගැන සිතීමෙන් පමණක් සාර්ථක විය නොහැකි බව සිතන්න .
කෙලවර නොපෙනුනත් උඩුමහලට යාමට පඩිපෙලකට ගොඩ වන සේ දැනට ඇති කුසලතා ගැන විශ්වාසයක් ඇතිව සාර්ථකත්වයට පිය නගන්න .

think a minute think a minute Reviewed by kasun on 6/24/2014 04:34:00 PM Rating: 5

1 comment:

What Do You Think? write something here.

Powered by Blogger.