හිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා


 මුහුණ පුර සිනාව ඉතිරිලා ගියාට අහිංසක නෙත් යුගලක් හිමි වුනාට ප්‍රියමනාප සන්සුන් කතා බහක් තිබුනට ඒ අපි දැක්කේ ඇත්තටම හොද කෙනෙක්ද?
ඒ දෙබස් ඇත්තටම විස්වාස වන්තද?දැක්ක ගමන හිත ගිය කි දෙනෙක් පස්සේ අපේ හිත රිදවල තියෙනවද?මිනිස්සු කියන්නේ හරිම සංකීර්ණ සත්ව කොට්ටාසයක් .ඒ නිසාම ඔවුන්ව හදුනා ගැනීම ඉතාම අපහසුය්. හරියට මනුස්සයෙක්ව හදුනා ගන්න ජිවිත කාලයම තිබුනත් මදි .දුටු පමණින් කතා කල පමණින් සිනාසුන පමණින් හොදය කියල දුර දිග නොබලා ගන්න තීරණ නිසා අපේ ගිහි ජිවිත වලට මොන තරම් ප්‍රශ්න ඇති කරලද ?
අද අපි කතා කරන්නේ ඒ ගැන .
දුටු පමණින් පැහැදෙන්න එපා
කොහොමද අපි කෙනෙක්ව හරියටම අදුන ගන්නේ ..? දැක්ක ගමන් හොදයි  නරකයි  කපටියි කරුනිකයි මෙහෙම නිගමන වලට යන්න පුලුවන්ද ?
ඒත් අපි නොදන්නවා උනාට අපේ හිත පුංචි ම වේලාවකදී විනිශ්චයන්ට එලබෙනවා .විතරක් නෙවෙයි ඒ නිසාම ජිවිතයට ප්‍රශ්න එකතු කර ගන්නවා.ගිහියන් ලෙස ජිවිත කාලදී හමුවන ආගන්තුක චරිත කොපමණද ?පාසලේදී පන්තියේදී කර්යලේදී මගතොටේදී මේ විදියට මුණ ගැහෙන චරිත අපට සමීප වෙන්නේ ඔවුන්ගේ පුංචිම පුංචි චරිත ලක්ෂණ යක  පැහැදීම නිසයි.කාර්යාලයට අලුතින් පැමිණි අයෙක එක දිනයකින් ඔබේ සමීපතමයෙකු වන්නේ  ගොඩක් වෙලාවට එම පුද්ගලයාගේ ගුණ අගුණ නොදැන සමහර විට ප්‍රියමනාප පෙනුමට ,සුන්දර රුපයට වශීවී ඔබ ගත තීරණය නිසා ජිවිතයට ලංකර ගත්තේ ඇත්තටම ලංකර ගත යුතු අයෙක්ද යන්න තව වරක් සිතිය යුතු නොවේද ?නැත්තම පසුව පසුතැවෙන්න වෙනවාදැක්ක ගමන දෙපාරක් නොහිත ගන්න නිගමන වලින් ඔබේ ජිවිතයට ලංකර ගන්න ආගන්තුකයන් හැමදාමත් එකම විදියට ඔබත් එක්ක ඉන්නවද ...? එහෙම කලාතුරකින් සිදු උනත් ගොඩක් වෙලාවට මෙහෙම අහම්බෙන් ලං කර ගන්න මිනිස්සු ඉක්මනින්ම ඔඋන්ගේ සබැ චරිත ලක්ෂණ පෙන්වන්න පටන් ගන්න නිසා ගිහි ජිවිත බොහෝ කරදර වලට මුහුණ දෙනවා .ටික කලක ඇසුරු කලට පස්සේ කෙනෙක්ගේ අගුණ දුර්වල ත හදුනා ගෙන ජිවිතයම අපහසු කර ගන්නේ නැතුව  කල්තියාම නිවැරදි විනිශ්චයක් ඇතිව කටයුතු කරනවා නම මේ ජිවිත කාලය සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන්“අනේ හොද මනුෂ්‍යයා මන් එක නිසා ඉල්ලපු ගමන්බෑ නොකිය ණයක් දුන්න ...” මේ වගේ ඉක්මන් තීරණ අරගෙන  ඔබ දැනටමත් ලොකු ඇත පසු වීම් කර ගෙන ඉන්නවා ද ? මේ වගේ අපි දන්නෙම නැතිව අප විසින්ම අපේ ජිවිත අවුල් කර ගන්නේ  මෙන්න මේ දුර්වල විනිශ්ය නිසයි .මේක මානසික ප්‍රස්නයක්කෙනෙක්ව දැක්ක ගමන පැහැදිළ විශ්වාස කරනවා කියන්නේ මානසිකව පවතින දුර්වලතවක් .එහෙම දැක්ක පමණින් පුද්ගලයෙකුගේ ගති සොබාව හදුනා ගන්න හැකියාව තිබෙන්නේ බුදුවරයෙකුට පමණයි .මේ හින්ද මොන තරම් හිතවත් කම පෙන්නුවත් ජිවිතයට ලංකරද්දී වැඩ බුද්දිමත්ව හැසිරෙන්න අපි දැනගන්න ඕන .නත්තස්ම් අනිවාර්යෙන්ම ගිහි ගෙදර අවුලෙන් අවුලට පත් වෙනවා .ජීවිතේටම අය කරන්න බැරි ණය කාරයන්ට මුල වෙලා හුල්ල හුල්ල ඉන්න වැඩිහිටි අම්ම තාත්තට වගේම ලගින්ම ඉදගෙන විනාසයට පර කපන යාලුවෝ ඉන්න දුව පුත්තෙකුටත් මේ උපදේශය ගොඩක් වැදගත් වේවි .දුර්වලතා හදුනා ගන්නසාමාන්‍යයෙන්  මම හරි ඉක්මනට කෙනෙක්ට රැවටෙනවා .මම හරි  ඉක්මනට තව කෙනෙක්ට අවනත කරගන්න පුළුවන් චරිතයක් .මෙන්න මෙහෙම තමන් පිළිබද හදුනා ගැනීම සාර්ථකත්වයට වටිනවා .මම ලේසියෙන් කාටවත් අහු වෙන් නෑ කියා කියා පරම බන් නැතිව තමන් ගේ දුර්වල තාවය පිළිගත්තොත් අනාගතයේ ලොකු කරදර ගොඩකින් ඔබට බේරෙන්න පුළුවන් වේවි .තමන්ගේ දුර්වල තව හදුනා ගන්න වගේම පිළිගන්න තරම් නිහතමානී වෙන්න .එවිට අනාගතය ජය ගන්න පහසුයි.එක වරක් සිදු කල වරද යලි වරක් ජිවිතයට ලං කර ගන්නේ නැතිව  බුද්දිමත්ව ජිවිතයට මුහුණ දෙන්න එවිට ඔබට හැකි වේවි සාර්ථක ජිවිතයක් ගෙවන්න නම බුද්දිමත් වෙන්න ම  ඕන .ඒ වගේම තම ගැන උඩගු නොවී දුර්වලතා  හදා ගෙන ඉදිරියට යන්නත් ඕන එහෙම නැති උනොත් ඔබේ ගෙදර පිටස්තරයන්ගේ අදුශ්‍යමාන බලපෑම නිසා ව්‍යකුලත්වයට පත් වෙනවා නියතයි .ඔබ මිනිසුන්ව ඇසුරු කල යුතුයි .ඔබ සුහද සිලි විය යුතුයි .ඔබ ප්‍රියමනාප  විය යුතුයි.නමුත් ඔබ කිසි විටකත් වෙනෙකුගේ අතකොලුවක් වන්න එපා .තව කෙනෙකුට ඔබව පාලනය කරන්න දෙන්න එපා .කෙටියෙන් කියනවනම් සිනහවට කටහඩට වශී වෙලා වංක මිනිසුන් තමන් ගේ ජිවිතයට ලං කර ගන්න තරම් අනුවන වෙන්න එපා .මිනිසුන් අතේ දුරින් ඇසුරු කරන්න .අත්හරින්න පහසු තරමින් .එවිට ජිවිත සැහැල්ලුවෙන් ගත කරන්න ඔබට හැකි වේවි .දැනටමත් ඔබේ ජිවිත වලට නොසිතා නොබලා ලන්කරගත්  කරදර කාරයෝ ඉන්නවනම් ඒ අයගෙන් ඉක්මනට ඈත් වන්න 



උපුටා ගැනීම: මව්බිම 2012 /10/21  මහාචාර්ය පාතේගම ඥානිෂ්වර හිමි  

හිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා හිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට  මිනිසා Reviewed by kasun on 10/21/2012 11:44:00 AM Rating: 5
Powered by Blogger.